කොළඹ ජාතික රෝහලේ High Dependency Unit (HDU) ඇඳන් සියල්ලම කොවිඩ් රෝගීන්ගෙන් පිරීගොස් ඇති බව එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ විශේෂඥ වෛද්‍ය ඇන්තනී මෙන්ඩිස් මහතා අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවා.
මෙය නව කොරෝනා රැල්ලක් වර්ධනය වන ලක්ෂණයක් බවයි වෛද්‍යවරයා සදහන් කළේ.
“සමාජයේ කොවිඩ් වැඩි වෙන්න වැඩි වෙන්න මේකෙන් යම් ප්‍රතිශතයක් තමයි ICU කරා එන්නේ. මේක වැඩි වෙන්න වැඩිවෙන්න ඒ ප්‍රතිශතයට ලැබෙන නොම්බරය එන්න එන්නම ලොකු වෙනවා. එතකොට අපිට මේක පැතිරීම වැළක්වීම නවත්වා ගන්න තියෙන හොඳම විසඳුම තමයි වැක්සින් එක. ප්රවෘත්ති විකාශනවලින් අපි දැක්කා දවස ගානේම කොවිඩ් පොසිටිව් වන නම්බර් එක වැඩි වේගෙන වැඩි වේගෙන යනවා. ඒ කියන්නේ මෙතෙන රැල්ලක් තියෙනවා. මේ රැල්ල නැහැ කියන්න බැහැ. මොකද මේ වෙනකොට කොළඹ ජාතික රෝහලේ High Dependency Unit දෙකක් තියෙනවා. ඒවාවල ඇඳන් ටික සම්පූර්ණයෙන්ම පිරිලා තියෙන්නේ. මේක අපිට මීට සතියකට ඉස්සෙල්ලා එයින් කාලක්වත් තිබුණේ නෑ. මුළු රටේම ඒවා මෙතෙනට එන හින්දා මේ රැල්ලක් එන බවක් පේනවා. ඒ නිසා රැල්ලට මුහුණදෙන්න අපි අපේ ප්‍රතිශක්තිය වැඩිකර ගන්න ඕනේ කියන එක මගේ අදහස.”
මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව සුදර්ශනී ප්‍රනාදුපුල්ලේ රාජ්‍ය අමාත්‍යවරිය ද පෙන්වා දෙයි.
“පහුගිය දවස් දෙකේ විතරක් 800කට කිට්ටුව වාර්තා වෙනවා. අපි බලමු ඉස්සරහට. රෝහලුත් කියනවා වැඩිපුර වාර්තා වෙනවා කියලා. කොළඹ රෝහලෙත් වැඩිපුර රෝගීන් සඳහා වාට්ටු වෙන්කිරීමට සිදුවුණ බව අපිට දැනගන්න තියෙනවා. දැන් රට සම්පූර්ණයෙන්ම විවෘත කරලා තියෙනවා. අපි දකිනවා විවිධ අයට මාස්ක් දාන එක අමතක වෙලා. මීටරේ දුර අමතක වෙලා. සෞඛ්‍ය පුරුදු අනුව සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න. වගකීම් රහිතව කටයුතු කළොත් රැල්ලක් එන එක වළක්වා ගන්න බැරි වෙයි. රැල්ල එනකල් බලන්න එපා. රැල්ල වළක්වා ගන්න පුරවැසියෙක් ලෙස කටයුතු කරන්න.”