ලෝකයේ කොරෝනා එන්නත්කරණය යළිත් අර්බුධයකට ලක් කරමින් , ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොරෝනා එන්නත භාවිතය තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකාව හා යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා.
ඇස්ට්‍රා සෙනිකා එන්නතට සමානව දුර්ලභ රුධිර කැටි ගැසීමේ තත්ත්වයන් වාර්තාවීම , මතයි මෙම තාවකාලික පියවර ගෙන ඇත්තේ.
වැඩිදුර පරීක්ෂණ අවසන් වන තුරු මෙම තහනම බලපැවැත්වෙන බව යුරෝපා සංගමය ද ිනිවේදනය කළා.
මේ වන විට ඇස්ට්‍රා සෙනිකා එන්නතටද රටවල් ගණනාවක් විසින් සීමා පනවා ඇත්තේ රුධිර කැටි ගැසීම් හා මරණ සිදුවන බවට චෝදනා නගමිනුයි.
පවත්නා තත්ත්වය තුල ලෝක සෞඛ්‍ය සංවිධානය ද එන්නත් සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දෙමින් පවතිනවා.