ටොංගා දිවයිනට ආ සුනාමියේ උස මීටර 15ක් / යළිත් ගිනි කන්ද පිපිරීමට අවදානමක්(Video)

හුන්ගා ටොංගා ගිනි කන්ද හේතුවෙන් හටගත් සුනාමි තත්ත්වය තුල මීටර 15ක සුනාමි රළ පහරක් ටොංගා දූපත් වෙත එල්ලවී පවතින බව අනාවරණවී තිබෙනවා.
ඒ බව අනාවරණ වී ඇත්තේ ටොංගා දූපත් සමග නවසීලන්තය විසින් සබදතා නිර්මාණය කර ගැනීමෙන් පසුවයි.
දූපත් 170කින් යුක්ත ටොංගා දූපත් හී දූපත් රැසක්ම මෙම සුනාමි තත්ත්වය හේතුවෙන් සදහටම අතුරුදන්වී තිබෙනවා.
දැනට වාර්තා වෙමින් පවතින කරුණු අනුව ටොංගා හී මරණ 3ක් හා තුවාල සිදුවීම් සිය ගණනක්ද වාර්තා කර තිබුණා.
මේ අතර නවසීලන්ත විද්‍යාඥයන් පවසන්නේ හුන්ගා ටොංගා ගිනි කන්ද වඩාත් ප්‍රබල පිපිරීමක් සිදුකිරීමට ඉදිරි දින කිහිපය තුල අවස්ථාව පවතින බවයි.
ඒ හරහා නවසීලන්තයට හා ටොංගා වෙත යළිත් සුනාමි අවදානමක් මතුවිය හැකි බවටද අනතුරු අඟවා තිබෙනවා.

දර්ශන සහිත සම්පූර්ණ වීඩියෝව පහතින්.

පුවත යවන්න