ඩීසල් ඉල්ලා ආණමඩුව කුරුණෑගල පාර වහයි

ආණමඩුව කුරුණෑගල මාර්ගයේ ඉන්ධන හළට ඩීසල් ලබා  නොදිමට විරෝධය දක්වා වාහන හිමිකරුවන් පිරිසක්  අද (10) උදෑසන සිට මාර්ගය වාහන යොදා හරස් කර ගමනා ගමනය එම ස්ථානයෙන් සම්පුර්ණයෙන් අවහිර කර ඇතැයි ආණමඩුව පොලිසිය කියයි.

ආණමඩුව කුරුණෑගල මාර්ගයේ ඉන්ධන හලට ඩීසල් ලබා දීම දින 10 ක් පුරා  ඛනිජ තෙල් සංස්ථාව මග හැර ඇති බව උද්ඝෝෂකයෝ කියති.

මේ හේතුවෙන් තම වාහන වලට ඩීසල් සොයා ගැනිමට වෙනත් ඉන්ධන හල්වෙත ගොස් දින පහ,හය නිදි මරමින් කටයුතු කිරීමට සිදුව ඇතැයි ඔවුහු පවසති.

මේ පිළිබදව එහි කළමණාකාරිත්වයෙන් කළ විමසිමේදි පවසා ඇත්තේ ඩීසල් සදහා මේ වන විට මුදල් ගෙවා ඇතත් ඩිසල් ලබා නොදුන් බවයි.

ඩීසල් ලබා දීම සිදුකරන ලෙස ඉල්ලා ඩීසල් රැගෙන යාමට වාහන වලින් හා කෑන් රැගෙන පැමිණි පිරිස්  මාර්ගය වාහන හා කෑන් දමා හරස් කර තිබෙන ආකාරය දැක ගත හැකිය.

පොලිසිය මෙම පිරිස සමග සාකච්ජා කරමින් මාර්ගය යථා තත්ත්වයට පත් කරවීමට උත්සහ ගත්තද එය සාර්ථක නොවීමෙන් විකල්ප මාර්ග වලින් වාහන ගමන් කරවිමට පොලීසියට සිදුව තිබේ.

පුවත යවන්න