ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ තවත් පුද්ගලයින් 14ක්

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ තවත් පුද්ගලයින් 14 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ මීට පෙර ද ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 5 දෙනෙකු මෙරටින් හඳුනා ගැනුණු අතර ඉන් අනතුරුව සිදුකළ පරීක්ෂණවලදී මෙම නව ආසාදිතයින් සොයා ගැනීමට හැකියාව ලැබුණු බවයි.

 

පුවත යවන්න