මෙරට සෑම දිස්ත්‍රික්කයකම ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් සාමාන්‍ය ප්‍රතිශතයක් සිටිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
ඊයේ(25) දිනයේ වාර්තා වූ දෛනික කොවිඩ් ආසාදිතයින්ගෙන් යම් ප්‍රතිශතයක් ඩෙල්ටා ආසාදිතයින් විය හැකි බවද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.
ඩෙල්ට කොවිඩ් ප්‍රභේදය වැලඳී ඇති රෝගීන් සිටින ප්‍රදේශයක මෙම රෝගය බෝ වෙන්න ඉඩ තිබුණොත් මෙය වේගයෙන් පැතිරිය හැකි බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරයි.
හඳුනා ගත් ඩෙල්ටා ආසාදිතයින් 68දෙනා සාම්පල් ගණනාවකින් හමු වූ පුද්ගලයින් වන අතර මෙම 68දෙනාට වඩා විශාල සංඛ්‍යාවක් පරිසරයේ සිටින බවට ඉන් පැහැදිලි වන බව විශේෂඥ වෛද්‍යවරයා පවසයි.