තලේබාන්ට එරෙහිව තලේබාන් ප්‍රහාරයක් / නගර 3ක් බිද වැටේ

උතුරු ඇෆ්ගනිස්ථානයේ පර්වාබ් ප්‍රාන්තයෙන් තලේබාන් සාමාජිකයන් පලවා හැරීමට උස්බෙකිස්ථාන සම්භවයක් සහිත නගරවාසීන් හා තලේබාන් සංවිධානයට සම්බන්ධ වී සිටි උස්බෙක් තලේබාන් කණ්ඩායම පියවර ගෙන තිබෙනවා.
දැවැන්ත විරෝධතාවයක් අතරතුර තලේබාන් සියලු මර්මස්ථාන වටලමින් ආයුධ හා තලේබාන් සාමාජිකයන් ග්‍රහණයට ගැනීමටයි මෙම කණ්ඩායම සමත්ව තිබුණේ.
මෙහිදී නගරයේ තලේබාන් සංවිධානය සතුව තිබූ බර ආයුධ හා සැහැල්ලු අවි සියල්ල ද නගරවාසීන් පැහැරගෙන තිබුණා.
නගරය යළි අත්කර ගැනීම සඳහා තලේබාන් සංවිධානයේ බද්‍රි හෙවත් මරාගෙන මැරෙන බලකාය යෙදවීමට තීරණය කර තිබෙනවා.
තලේබාන් සංවිධානයේ බහුතරයක් පෂ්තූන් ජන කොටස්වලට අයත් වන අතර අනෙක් ජන කොටස් නොසලකා හරිමින් කටයුතු කරන බවටයි චෝදනා එල්ලවී තිබුණේ.
ගතවු සතියේ තලේබාන් සංවිධානය විසින් උස්බෙකිස්ථානයට තර්ජනය කිරීම ද උස්බෙක් තලේබාන් කණ්ඩායම බිදීයාමට හේතුවූ බවටයි වාර්තා පලවන්නේ.
මේ අතර උතුරු සන්ධානය ද මීට සම්බන්ධව යළිත් දැවැන්ත මට්ටමේ ප්‍රහාරයක් ආරම්භ කර ඇති බවයි ඉරාන මාධ්‍ය වාර්තා කළේ.
දර්ශන සහිතව නරඹන්න. වීඩියෝව …

පුවත යවන්න