තවත් කොරෝනා මරණ 23ක්

තවත් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (26) තහවුරු කර ඇති බවයි.

අවුරුදු 30ට අඩු එක් කාන්තා මරණයක් ද වාර්තා වී තිබෙනවා.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,369ක්.

ඉකුත් සතිය තුළ දෛනික කොවිඩ් මරණ වාර්තා වී තිබුණේ මරණ 12ත් 17ත් අතරයි.

පුවත යවන්න