සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තවත් කොරෝනා මරණ 40 ක් අද (03) වාර්තා කිරීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 13,059 ක් දක්වා ඉහළ ගියා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 22 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 18 දෙනා කාන්තාවන්.
මියගිය පිරිස අතර වයස අවුරුදු 30ට අඩු එක් කාන්තා ආසාදිතයෙකු ද වනවා.
ඊට අමතරව අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 11 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 28 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන්.