තහනම මැද රු. කෝටි හයක වාහනයක් හම්බන්තොට වරායට

මෙරට වෙළෙඳ වටිනාකම රුපියල් කෝටි 6 ක් පමණ වන මෝටර් රථයක් හම්බන්තොට වරායෙන් ශ්‍රී ලංකාවට ආනයනය කර තිබේ.

එය ජපානයේ නිෂ්පාදිත ටොයෝටා ලැන්ඩ් කෘෂර් 300 වර්ගයේ අති නවීන මෝටර් රථයකි.

එම මෝටර් රථයේ තීරු බදු රහිත වටිනාකම රුපියල් කෝටි එකහමාරක් පමණ වේ.

අදාළ මෝටර් රථය ඇමරිකානු තානාපති කාර්යාලය තීරු බදු රහිතව ආනයනය කළ බවට තොරතුරු වාර්තා වේ.

ශ්‍රී ලංකා රජය වාහන ආනයනය අත්හිටුවීම තානාපති සේවයට බලනොපාන බවට වරාය නිලධාරියෙකු සදහන් කරයි.

පුවත යවන්න