ගාසා තීරයේ ඉස්ලාමීය ජිහාඩ් ත්‍රස්ත කණ්ඩායම් නායක හුසාම් අබු හර්බීඩ් ඊශ්‍රායල ගුවන් ප්‍රහාර මගින් ඝාතනය කර තිබෙනවා.
අද දිනයේ එල්ල කළ ගුවන් ප්‍රහාර මගින් මෙම ත්‍රස්ත නායකයා මරණයට පත්වූ බවයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේ.
සිය නායකයාගේ ඝාතනයෙන් පසු ගාසා තීරයේ උතුරු කලාපයේ සිට දැවැන්ත රොකට් වෙඩි ප්‍රහාර මාලාවක් ඊශ්‍රායලය වෙත එල්ලවෙමින් පවතින බවයි අල් ජසීරා පවසන්නේ.
මෙම ඝාතනය තහවුරු කරමින් ඊශ්‍රායල ආරක්ෂක බලකාය නිවේදනයක්ද නිකුත් කළා.
එහි දැක්වෙන්නේ තම ජනතාවට එරෙහිව පහර දෙන ත්රස්තවාදීන්ට එල්ල කරන ප්‍රහාර සදාකාලිකව වුවද පවත්වාගෙන යාමට සූදානම් බවයි.
මේ අතර 8 වන දිනටත් ක්‍රියාත්මක ගැටුම් හේතුවෙන් පලස්තීනුවන් 201 දෙනකු ඝාතනයට ලක්ව තිබෙනවා.
ළමුන් 58 දෙනෙකු ද ඊට ඇතුලත්.
ඊශ්‍රායලයේ ළමුන් දෙදෙනකු ඇතුළු 10 දෙනකු ගැටුම්වලින් මරණයට පත්වුණා.
මේ අතර හමාස් ත්රස්තයන් විසින් භාවිත කළ කිලෝමීටර 15ක් දිග භූගත උමං මාර්ගයක් ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් විනාශයට පත්වුණා.
එහි හමාස් නායකයන් රැසක්ම සැඟව සිටි බවයි තහවුරු කර ඇත්තේ.
මේ අතර ජාත්‍යන්තරයෙන් එල්ලවන විරෝධතා නොතකා හරිමින් ත්රස්තවාදීන් වනසා දමන බවයි ඊශ්‍රායලය අවධාරණය කරන්නේ.
ඊශ්‍රායලය සමග සටන් වැදීමට සූදානම් බව හමාස් සංවිධානය ද නිවේදනය කර තිබෙනවා.