තාප්පවල චිත්‍ර ඇඳපු තරුණයන් අද පාස්පෝට් පොලිමේ”- මන්ත්‍රී අලවතුවල (Video)

වත්මන් රජය පත්වීම සමග බිත්තිවල, තාප්පවල චිත්‍ර ඇඳීමට එක්වූ තරුණයින් රට අතහැර යන තත්ත්වයකට පත්ව ඇතැයි, සමගි ජන බලවේග මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා අද ප්‍රකාශ කළා.ගොවින්ගේ පොහොර ගැටලුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, සාගතයෙන් රට මුදා ගැනීමට නම්, උඩගුබව පසෙකින් තබා වහාම තීන්දුව හකුලා ගන්නා ලෙසයි.

”එදා මේ රජය උද්ධාමයට පත් වෙලා බිත්තිවල , තාප්පවල චිත්‍ර ඇඳපු තරුණයො අද මොකද කියන්නේ අද පාස්පෝට් පොලිමේ ඉන්නවා රට දාලා යන්න. ඔන්න වෙනස”

”රටේ ජනතාව වේලක් ඇර වේලක්වත් කන්න බැරි තැනකට පත් වෙලා තිබෙනවා. ගජ මිතුරන්නට හම්බකරන්න ඉඩ දීලා ජනතාව හුරා කන තැනට තලා පෙලා දාන තැනට මේ රට පත් කරලා තිබෙනවා”

https://www.facebook.com/watch/?v=2707542476209676&t=0

පුවත යවන්න