චීනයේ වර්ධනය වන ආක්‍රමණ අවදානම මධ්‍යයේ තායිවානය විසින් ප්‍රහාරයක් සඳහා සූදානම් වීම වෙනුවෙන් දකුණු චීන මුහුදේ ඩොන්ෂා දූපත් ආශ්‍රිතව යුධ අභ්‍යාසයක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා.
මෙම මස අවසානයේ දී එය පැවැත්වෙන බවයි තායිවානය නිවේදය කළේ.
දිනපතා චීනය සිදුකරන අනවසර පිවිසීම් හා ප්‍රහාරක යානා සමීපවීම් ආක්‍රමණ අවදානමක සූදානමක් ලෙස සලකන බවයි තායිවානය පවසන්නේ.
මේ වන විටත් චීන යුධ නෞකා තායිවානයට වඩාත් ආසන්නයෙන් රදවා ඇති බවටයි චෝදනා එල්ලවන්නේ.
කෙසේ වෙතත් තායිවානය ආක්‍රමණය කිරීමට චීනයට ඉඩ නොදෙන බවයි අමෙරිකාව අවධාරණය කරන්නේ.