තුර්කි ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපොළේදී අනතුරක

තුර්කි ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළේ දී අනතුරට ලක්ව ති‌බේ.

ඒ, තුර්කිය බලා පියාසර කිරීමට නියමිතව තිබියදීයි.

අනතුරුට ලක්ව ඇත්තේ, ඒ.- 330 – 300 එයාර් බස් වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකි.

තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට භාණ්ඩ තොගයක් රැගෙන මෙරටට පැමිණි ගුවන් යානයෙන්, මෙට්‍රික් ටොන් 45 ක් බරැති ඇගලුම් තොගයක් රැගෙන යළි මෙරටින් පිටත්ව යාමට නියමිතව තිබූ බව, ගුවන් තොටුපළ බලධාරීහු ප්‍රකාශ කළහ.

පැවති අධික සුළං තත්ත්වය හේතුවෙන්, මෙම ගුවන් යානයට පැටවීම සඳහා රැගෙන විත් තිබූ බහාලුමක් , යානයේ එන්ජිමේ ගැටීමෙන් අනතුර සිදුව තිබේ.

ගුවන් තොටුපළ බලධාරීන් ප්‍රකාශ කළේ, ඒ හේතුවෙන්, අදාළ යානයට මෙරටින් පිටත්ව යාමට බාධා මතුව ඇති බවයි.

පුවත යවන්න