තුවාලකරුවන් 7ක් රෝහල්ගත කෙරේ

මේ වන විට කොළඹ පැවැත්වෙමින් ඇති විරෝධතා අතරතුර තුවාල ලැබූ 7 දෙනෙකු රෝහල්ගත කර ඇති බව කොළඹ ජාතික රෝහල පවසයි.

ඒ අතර විරෝධතාකරුවන් 5 දෙනෙකු හා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සිටින බව වාර්තා වෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ආණ්ඩුවට ඉවත් වන ලෙස බලකරමින් ගාලු මුවදොර අරගලකරුවන් සංවිධාන කළ ජන අරගලයට මේ වනවිට දිවයිනේ නන්දෙසින් පැමිණි විශාල ජනතාවක් එක්ව සිටී.

ජනාධිපති මන්දිරයට පිවිසෙන මාර්ගවලට විරෝධතාකරුවන් ඇතුළුවීමට උත්සාහ කිරීමත් සමග ආරක්ෂක අංශ අවස්ථා රැසකදී කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළේය.

පුවත යවන්න