තෙල් ටැංකිවල ආරක්ෂාවට ඩ්‍රෝන තාක්ෂණය හදුන්වාදීමට ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පියවර ගෙන තිඛෙනවා.
ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.
ඒ අනුව තෙල් ටැංකි නිරීක්ෂණය සදහා අධි තාක්ෂණයෙන් යුතු ඩ්‍රෝන කැමරාවක් යෙදවීමට පියවර ගෙන තිඛෙනවා.
ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පැවසුවේ මෙරට ඉන්ධන ගබඩා සංකීර්ණවල සහ ගැඹුරු මුහුදේ ඇති ඉන්ධන ගොඩබාන බෝයාව මෙන්ම කොළඹ වරායේ සිට ඇති ඉන්ධන නල මාර්ග වල ආරක්ෂා කිරීමට මෙය වැදගත් වන බවයි.