දඹුල්ලේ කොරෝනා අවදානම බරපතල මට්ටමක

කොරෝනා ව්‍යාප්තිය වේගවත්වීම සමග දඹුල්ල ප්‍රදේශයේ තත්ත්වය අවදානම් මට්ටමකට ගමන් කර ඇති බව දඹුල්ල නාගරික සෞඛ්‍ය අංශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා මහතා පවසනවා.
ඔහු මාධ්‍ය වෙත කියා සිටියේ මේ වන විටත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 60 දෙනකු පමණ රෝහල්වෙත රැගෙන නොගොස් නිවාස තුලම රැදී සිටින බවයි.
ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට රැගෙන යෑමට නොහැකි තත්ත්වයක පසුවන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අනාවරණ කළා.
මේ වන විටත් එම සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් පමණක් ආසාදිතයන් 90කට වැඩි පිරිසක් වාර්තාවනවා.
නගරයේ තොග වෙළෙඳසැල් සේවකයන්ගේ 47 දෙනකු ද ආසාදිතයන් වශයෙන් හඳුනාගෙන ඇති බවයි තහවුරු කර ඇත්තේ.

පුවත යවන්න