දවසට කොරෝනා ආසාදිතයන් දහසක් ඉක්මවා තිබෙනවා / පී.එච්.අයි. සභාපති

මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පහළ මට්ටමක පවතින බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළද ,දෛනිකව මෙරට 1500කට වැඩි පිරිසක් කොරෝනා ආසාදිතයන් බවට පත්වෙමින් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමගේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.
හෙද පරිපූරක අතුරු වෛද්‍යවරු වර්ජනය කිරීම හේතුවෙන් නිවැරදි දත්ත වාර්තා දෛනිකව ලබා නොදීම මත මෙම නිවැරදි තත්ත්වය වාර්තා නොවන බවයි ඔහු සදහන් කළේ.
කෙසේ වෙතත් දැනට අහඹු පීසීආර්, ඇන්ටිජන් පරීක්ෂණ 5000කට ආසන්න සංඛ්‍යාවක් සිදුකරන අතර ඉන් ආසාදිතයන් 500ක් පමණ වාර්තා බවත් නිවැරදිව පීසීආර්, ඇන්ටිජන් පරීක්ෂාවන් සිදුකළහොත් දෛනික රෝගීන් සංඛ්‍යාව 1500 ඉක්මවන බවත් ඔහු අවධාරණය කළා.

පුවත යවන්න