දින 14කට ඇඳිරිනීතිය පනවන්නැයි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලීමක්

පවතින තත්ත්වය හමුවේ දින 14ක කාලයකට නිරෝධායන ඇඳිරිනීතිය පනවන්නැයි ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ලේකම්, වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර සිටියේ, ඇඳන් ගණන වැඩි කිරීමෙන් මෙම තත්ත්වය පාලනය කළ නොහැකි බවයි.

පුහුණු සෞඛ්‍ය සේවකයින්ට දරා ගත නොහැකි මට්ටමෙන් ආසාදිතයින් වාර්තා වුවහොත් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටෙන බවට ද වෛද්‍යවරයා අනතුරු අඟවා සිටියා.

“අපි ඇවිල්ලා තියෙන්නේ මං හිතන්නේ ශ්‍රී ලංකාව තුළ තිබෙන උච්චතම අවස්ථාවට. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් අද දිනය තුළ ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. දින 14ක් දැඩි සංචරණ නීති පනවලා දින 14ක් නිරෝධායන ඇඳිරිනීතිය හෝ එවැනි ක්‍රමවේදයක් භාවිත කරලා, ඉදිරි දින 14 තුළ සංචරණ හැකි තරම් අඩු කරන්න කියලා.“

පුවත යවන්න