දින 5ක් තුළ කැස්බෑවෙන් කොරෝනා අසාදිතයන් 97ක්

කැස්බෑව ප්‍රදේශයෙන් දින 5ක් තුළ කොවිඩ් 19 වෛරස ආසාදිතයින් 97දෙනෙක් හඳුනා ගෙන ඇති බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය පවසයි.

ඊයේ(23) පුද්ගලයන් 112 දෙනෙකු සඳහා සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවල ප්‍රතිඵල අනුව ආසාදිතයන් 65 දෙනෙකු හඳුනාගෙන ඇති බව වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය පවසයි.

රජයේ සුපිරි වෙළෙඳසැළක රෝගීන් දෙදෙනකු හා පෞද්ගලික සුපිරි වෙළෙඳසැළක රෝගීන් 8 දෙනෙකු ද හඳුනා ගත ආසදිතයින් අතර ඇත.ආසාදිතයින් හඳුනා ගැනීමත් සමඟ එම සුපිරි වෙළෙඳසැළ් 2 වසාදමා ඇති බව වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය පවසයි

පුවත යවන්න