දිනක වැඩිම කොරෝනා මරණ වාර්තා වෙයි /ඊයේ 160 යි

කොවිඩ් මරණ 160ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

මෙය දිනක් තුල වාර්තා වු වැඩිම කොවිඩ් මරණ ගණන යි.

මෙම මරණ ඊයේ (13) දින තහවුරු කර ඇති අතර එම මරණ 160ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,935ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

ඊයේ තහවුරු කළ එම මරණ අතර කාන්තාවන් 73 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 87 දෙනෙකුද වනවා.

මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 124 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු එක් පිරිමි පුද්ගලයෙකු ද සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ සදහන්.

පුවත යවන්න