දුම්රිය වැඩ වර්ජනයක් – දුම්රිය ගමන් කාර්යාල දුම්රිය කිහිපයකට සීමා වෙයි

දුම්රිය රියදුරන් සහ දුම්රිය නියාමකවරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.

දුම්රිය ධාවනයේ දී සිදුවන මෙහෙයුම් වැරදි සඳහා දුම්රිය සේවකයින්ගෙන් අලාභයක් අයකර ගැනීමට රජය ගෙනඇති තීරණය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි දුම්රිය වෘත්තිය සමිති පවසන්නේ.

මේ සම්බන්ධයෙන් බලධාරීන් සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් මෙලෙස වෘත්තිය ක්‍රියාමාර්ගයකට යොමුව තිඛෙනවා.

කෙසේවෙතත් දුම්රිය වර්ජනය ක්‍රියාත්මක කළ ද වෙනත් නිලධාරීන් යොදවා කාර්යාල දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට පියවරගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය 5ක්, මුහුදුබඩ මාර්ගයේ කාර්යාල දුම්රිය 4ක් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තා විය.

අනෙක් දුම්රිය මාර්ගවල කාර්යාල දුම්රිය දෙක බැගින් ධාවනය කිරීමට ද පියවරගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පුවත යවන්න