දුම්රිය වෙන් කළ ආසන සඳහා ගාස්තු පළමු වැනිදා සිට ඉහළට

දුම්රිය වෙන් කළ ආසන සඳහා වන ගාස්තු ලබන පළමු වැනිදා සිට ඉහළ දමා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ, ඒ අනුව ලබන පළමු වැනිදා සිට දුම්රිය වෙන් කළ අසුන් සඳහා වන ගාස්තුව 30 %කින් ඉහළ දමන බවයි.

දුම්රිය පාඩුව අවම කර ගැනීම සඳහා එම මිල ගණන් ඉහළ දැමීමට සිදුවූ බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සදහන් කළා.

සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ, දෛනිකව ඉන්ධන සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ රැපියල් මිලියන 40ක් පමණ වැය කිරීමට සිදුවුව ද දෛනික ආදායම රැපියල් මිලියන 15ක් පමණ බවයි.

ඉන්ධනවලට අමතරව අනෙකුත් කාර්ය සඳහා ද දෛනිකව මිලියන 30 ක් වැය වන බව ද ඔහු සඳහන් කළා.

සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ, දුම්රිය ටිකට් පතක මිල බස් ගාස්තුවෙන් 25% ක් ප්‍රමාණයක් බවයි.

පුවත යවන්න