දුම්රිය සේවකයන්ට කොරෝනා නිසා සේවා පවත්වාගෙන යාමට ගැටළු

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් 12 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් දුම්රිය සේවාව පවත්වාගෙන යාම දුෂ්කර වී ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.
වෛරසය ආසාදනය වීම හේතුවෙන් අදාළ ස්ථානාධිපතිවරුන් හා සේවකයින්ගේ සමීපතමයින් කිහිප දෙනෙකු නිරෝධායනයට යොමු කළ බව ද සංගමය සදහන් කළා.
ඒ අනුව, කළුතර, ඉඳුරුව ඇතුළු ස්ථාන කිහිපයක දුම්රිය සේවකයින්ට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් මෙම ගැටළුව මතුව තිබෙනවා.
දුම්රිය සේවකයින්ට සනීපාරක්‍ෂක උපකරණ ලබා දීම බලධාරීන් හිතාමතාම ප්‍රමාද කිරීම මෙම තත්ත්වයට මුල්වූ බවටයි චෝදනා එල්ල කර ඇත්තේ.

පුවත යවන්න