දුමින්ද නාගමුව ඇතුළු හයදෙනා නිදහස්

උද්ඝෝෂණය කරමින් නිරෝධායන නීති උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් පොලිසිය අත්අඩංගුවට ගෙන පසුව නිරෝධායනයට යොමු කර සිටි සමාජ ක්‍රියාකාරිකයන් හය දෙනෙකු මීට ස්වල්ප වේලාවකට කර නිදහස් කර තිබේ.

ඒ අනුව දින 14 ක නිරෝධායනයට මහනුවර පල්ලෙකැලේ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කළ දුමින්ද නාගමුව, සංජීව බණ්ඩාර, ධම්මික මුණසිංහ, චන්ද්‍රසිරි ,ලන්දගේල නයනා රංගනී බෙනිල්ඩස් සිල්වා යන පිරිස දින නවයක නිරෝධායන කාලයකින් පසු  නිදහස් කර තිබේ.

ඔවුන් රජයේ වාහනයකින් කොළඹට රැගෙන එමින් තිබෙන බවද වාර්තා වේ

පුවත යවන්න