කොවිඩ් මර්දනය සඳහා ලබා දුන් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් මේ වන විට බිය පළ කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
කොවිඩ් 19 රෝගය මර්දනය සඳහා ලබා දුන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත සම්බන්ධයෙන් ලෝකයේ විවිධ රටවල් කරන ලද පර්යේෂණයන්ගෙන් එම එන්නතේ විවිධ සංකූලතාවන් පෙන්නුම් කරන බවට තහවුරු වීමත් සමග සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙවන මාත්‍රාව ලබා ගැනීමට බිය පළ කරන බව සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේය.
මෙම එන්නත භාවිතයෙන් ඇතැම් රටවල පුද්ගලයන්ගේ රුධිරය කැටි ගැසීමට ලක්වූ බවත් ඉන් ඇතැම් පිරිසක් මිය ගොස් ඇති බවටත් හෙළිදරව් වීම හා රටවල් කිහිපයකට පුද්ගලයන්ට විවිධ සංකූලතාවන් මතුව ඇති බවටත් තොරතුරු ප්‍රසිද්ධ කිරීමත් සමග සෞඛ්‍ය කාර්ය මණ්ඩල තුළ මෙවැනි තත්ත්වයක් නිර්මාණය වී අතැයි ඔහු පෙන්වා දේ.
මේ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කර එන්නතේ සැබෑ තත්ත්වය පැහැදිලි කරන මෙන් ද සංගමය ඉල්ලීමක් කරයි.
ශ්‍රියානි විජේසිංහ