නයිජීරියාවේ අධික ණය ගැන විශේෂඥයන්ගේ කනස්සල්ල

චීනය විසින් නයිජීරියාවට ලබාදී ඇති අධික ණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර විශේෂඥයන් කනස්සල්ල පළ කර තිබෙනවා.
ඒ අනුව යළි ගෙවා ගැනීමට අසීරු ඩොලර් බිලියන 3.3 ක ණය මුදලක් මේ වන විට චීනය විසින් නයිජීරියාවට ලබාදීම හරහා එරට ණය අර්බුධයකට ලක්ව ඇති බවයි මෙම වාර්තාව පවසන්නේ.
අධික ණය බර හා පොලී අනුපාත අනුව මෙම දැවැන්ත ණය මුදල ඩොලර් බිලියන 4.1 ක මට්ටමේ පවතින බවයි අදාළ වාර්තාව පවසන්නේ.
මේ යටතේ නයිජීරියාවේ වටිනා දේපල හා ආයෝජන මධ්‍යස්ථාන චීනය සතුවීමේ අවදානමක් පවතින බවටද මෙමගින් අනතුරු අඟවා තිබෙනවා.

පුවත යවන්න