කොරෝනා වයිරස ප්‍රභේද රටපුරා ව්‍යාප්තව ඇත්දැයි සෙවීම සඳහා ආරම්භ කළ පරීක්ෂණයේ අවසන් වාර්තාව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වරයාට හෙට (10) උදේ බාරදෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කර තිබෙනවා.
එම පරීක්ෂණ කටයුතු අද (9) වන විට බොහෝ දුරට නිමා වී තිබූ බවයි ඔහු පැවසුවේ.
සැර කොරෝනා වයිරස ප්‍රභේද සෙවීමේ මෙම පරීක්ෂණය ආචාර්ය චන්දිම ජීවන්දර මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ වූයේ මීට සති කිහිපයකට පෙරයි.
දිවයිනේ විවිධ ප්‍රදේශවල කොරෝනා ආසාදිතයන්ගෙන් ලබා ගත් ජෛව පටල සාම්පල 96ක් මේ පරීක්ෂණ සඳහා ගෙන තිබෙනවා.