නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට නොදෙන්න චීනය බලපෑම් කළාද ? ඇමති දිනේෂ්ගෙන් පිළිතුරු – Video

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා නොදෙන්නැයි චීනය මෙරටට බලපෑමක් සිදු නොකළ බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඉන්දීය මාධ්‍ය නාලිකාවක් වන සී එන් එන් නිව්ස් 18 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.
එහිදී මාධ්‍යවේදිනිය විමසා සිටියේ මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දියාව හා ජපානය දැඩි කනස්සල්ලට පත්වූ අතර එය අත්හිටුවීමට යම් බලපෑමක් මතුවූයේද යන්නයි.
එය ප්‍රතික්ෂේප කරමින් අමාත්‍යවරයා පැවසුවේ එවන් තත්ත්වයක් මතු නොවූ බවයි.

ඉන්දුලංකා සබදතා එක් ව්‍යාපෘතියක් මත පදනම් නොවන බවත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ ක්‍රියාතාරීත්වය මත බහුලව යැපෙන බවත් මෙහිදී අවධාරණය කෙරුණා.

මේ අතර වරාය ගැටලුවෙන් පසු ලංකාව ඉන්දියාවේ ඩොලර් මිලියන 400 ණය මුදල වහා ගෙවා දැමීම අතර සබදතාවයක් පවතින්නේදැයි ද මෙහිදී ප්‍රශ්න කෙරුණා.
එහිදී අමාත්‍යවරයා පැවසුවේ එහි සෘෘජු සබදතාවයක් නොමැති බවයි.ලංකාවට ඉන්දියාව බොහෝ උපකාර සිදුකරන අතර අදාළ ණය මුදල ගෙවා දැමීම නියමිත කාලයේ සිදුවූ බවයි ඔහු පැවසුවේ.

පුවත යවන්න