නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කිරීම ගැන තීරණය අද

ලබන 21 වැනිදා අලුයම 4.00 දක්වා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරනවා ද ? නැද්ද ? යන්න අද(17) තීරණය කිරිමට නියමිතව තිබෙනවා.
ඒ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ රැස්වීමෙන් අනතුරුවයි.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, මෙම රැස්වීමේදී සෑම අංශයක් ‌පිළිබඳවම සාකච්ඡා කර නිර්දේශ ඉදිරිපත් කරන බවත් , ඉන් අනතුරුව ගන්නා තීරණය එම අවස්ථාවේ ප්‍රකාශ කිරීමට නියමිත බවත් ය.

පුවත යවන්න