නිවසක ගින්නකින් මවක සහ දරුවන් දෙදෙනෙකු මිය යයි

අනුරාධපුර – ඇලයාපත්තුව – මාන්කඩවල ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් මවක කුඩා දරුවන් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

පස් හැවිරිදි පිරිමි දරුවෙකු, දස හැවිරිදි වියේ පසුවන ගැහැණු දරුවෙකු සහ 30 හැවිරිදි මවක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

ඔවුන් නිදමින් සිටි කාමරයේ ඊයේ (26) රාත්‍රියේ අදාළ ගින්න හටගෙන ඇති අතර, දරුවන් සහ බිරිඳ බේරාගැනීමට ගිය 37 හැවිරිදි ස්වාමිපුරුෂයා පිළිස්සුම් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරිණි.

අසල පිහිටි නිවසකින් අදාළ නිවසට විදුලිය ලබාගෙන ඇති අතර, ගින්නට හේතුව නිශ්චිතව ප්‍රකාශ කළ නො හැකි බව ඇලයාපත්තුව පොලිසිය සඳහන් කළේය.

පුවත යවන්න