නොනවතින විරෝධතා මැද ප්‍රංශය ගිනි ගනී

නව විශ්‍රාම වැටුප් පනතට එරෙහිව ප්‍රංශයේ පැවැත්වෙන උද්ඝෝෂණ අතරතුර බෝඩෝ නගරයේ නගර ශාලාවට උද්ඝෝෂණකරුවන් විසින් ගිනි තබා තිබෙනවා.
මේ දක්වා පැවැත්වෙන විරෝධතා අතරතුර මාර්ග අවහිර කිරීම් හා මාර්ග තුල විවිධ දේ පිළිස්සීම් සිදුකළද රාජ්‍ය ගොඩනැගිල්ලක් වෙත ගිනි තැබූ පළමු අවස්ථාව ලෙසයි මෙය නම් කර ඇත්තේ.
ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන්නේ මේ වන විට පැරිස් නගරයේ පමණක් උද්ඝෝෂකයන් එක්ලක්ෂ දහනව දහසක් සිටින බවයි.
එරට විශ්‍රාම යන වයස අවුරුදු 62 සිට 64 දක්වා ඉහළ දැමීමට එරෙහිවයි මෙම උද්ඝෝෂණ පැවැත්වෙන්නේ.
මෙම පනත හකුලා නොගන්නා බව ප්‍රංශ ජනාධිපතිවරයා අවධාරණය කළ අතර එසේ වුවහොත් ප්‍රංශයේ විශ්‍රාම වැටුප් පද්ධතිය බිදවැටිය හැකි බවට අනතුරු අගවා තිබුණා.
මෙය ප්‍රංශ ජනපතිගේ දේශපාලනයේ අවසානය විය හැකි බවටයි අනතුරු අඟවා ඇත්තේ.

පුවත යවන්න