නොමිලේ අන්තර්ජාලය දෙන බවට පැතිරෙන සමාජ මාධ්‍ය පණිවිඩය SCAM අවදානමක්

අද පෙරවරුවේ සිට නොමිලේ අන්තර්ජාලය ලබාදෙන බවට පණිවිඩයක් ඇතුලත්ව සමාජ මාධ්‍ය තුල හුවමාරු වන පණිවිඩය සයිබර් ප්‍රහාර අවදානමක් බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසනවා.
මේ ඊට අදාළව නිකුත් කර ඇති නිවේදනයයි.

සෞඛ්‍ හා පවුල් සුභසාධන අමාත්‍යංශය විසින් ශ්‍රී ලාංකික ජනතාවට නොමිලේ දත්ත ලබාදෙන බවට පවසන පණිවිඩයක් අද (12) වට්සැප් ඇතුළු සමාජ මාධ්‍ය යෙදුම් හරහා සංසරණය වන බවට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පැමිණිලි වාර්තා වී තිබේ.

මෙම පණිවිඩය ක්ලික් කිරීමේදී වෙබ් අඩවියකට පිවිසීමක් සිදුවන අතර එහිදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රුව දැක්වෙන චයාරූපයක්ද දැකගැනීමට හැකිවිය.

මෙවැනි ව්‍යාජ පණිවිඩ හරහා අනිෂ්ට මෘදුකාංග ඔබගේ ජංගම දුරකතනයට ස්ථාපනය වීම, ඔබගේ සංවේදී දත්ත හා සමාජ මාධ්‍ය ගිණුම් පැහැරගැනීමට ලක්වීම සිදුවියහැකි බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජනතාවට පෙන්වා දෙමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

පුවත යවන්න