පකිස්ථානයේ ග්වාඩර් වරායේ සංවර්ධනය එරට ආර්ථිකයේ වේගවත් වර්ධනයකට හේතුවෙමින් පවතින බව අනාවරණ කර තිබෙනවා.
මෙම වරාය සංවර්ධනය සිදුවෙමින් පවතින්නේ චීන රජයේ දායකත්වය මතයි.
මේ හරහා මධ්‍යම ආසියානු රටවල සැපයුම් හා නැව් මධ්‍යස්ථානයක් බවට එම වරාය පත්වන බවද චයිනා ඉකොනොමික් නෙට් විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවක දැක්වෙනවා.
කෙසේ වෙතත් චීනයේ නව සේද මාවත ව්යාපීතාය යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘති තුලින් පකිස්ථානය ණය උගුලකට හසුවෙමින් පවතින බවටයි චෝදනා එල්ලවන්නේ.
ඒ අනුව මෙම වරායේ සම්පූරණ හිමිකම චීනය වෙත පැවරීමේ ඉඩක් ඇතැයිද ඊට විරෝධතා දක්වන්නන් පෙන්වා දී තිබෙනවා.