පළාත් පාලන මැතිවරණය තවදුරටත් කල් යාමේ හැකියාවක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කර තිබෙනවා.
මැතිවරණය සදහා වන තැපල් ජන්දය ප්‍රකාශ කිරීමට අදාළ දිනවලදී ජන්ද පත්‍රිකා ලබාදිය නොහැකි බව රජයේ මුද්‍රණාලය දැනුම්දී තිබීම මීට බලපා ඇති බවයි එම වාර්තා සදහන් කළේ.
ඒ අනුව සැලසුම් කළ පරිදි පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 25 වැනි දා පවත්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම අද විශේෂ තීන්දුවක් ගැනීමට නියමිතව තිබෙනවා.
මැතිවරණ කොමිසම සියලුම දේශපාලන පක්ෂ ලේකම්වරුන් අද පෙරවරු 10 ට කොමිසමට කැඳවා තිබෙන අතර මැතිවරණය නියමිත පරදි පැවැත්විය නොහැකි විමේ ගැටළු එහිදී සාකච්ඡා කර තීන්දුවක් ගැනීමට නියමිතව තිබෙනවා.
මැතිවරණයට ඉදිරි නව දිනයක් ලබා දෙන්නේද නැතහොත් නව මැතිවරණ දිනයක් ප්‍රකාශයට පත් කිරීමට තව කාලයක් ලබා ගන්නේ ද යන්න පිළිබඳව මැතිවරණ කොමිසම හෙට තීන්දුවක් ගැනීමට නියමිත බව ද වාර්තා වනවා.