පළාත් පාලන ජන්දයේ ,තැපල් ජන්ද විමසීම කල් දමයි

පළාත් පාලන මැතිවරණය අදාළ ජන්ද විමසීමේ තැපල් ජන්ද විමසීම් දිනය කල් දමා තිබෙනවා.
මැතිවරණ කොමිසම හා දේශපාලන පක්ෂ නියෝජිතයන් අතර අද පැවැති සාකච්ජාවේ දී ගනු ලැබූ තීරණ මත මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා.
මාර්තු 28, 29 හා අප්‍රේල් 01 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබූ තැපල් ජන්ද විමසීම මේ යටතේ සිදු නොකරන බව දැනුම්දී තිබුණා.
ජන්දය පැවැත්වෙන දිනය නිශ්චිතව නම් නොකර අවශ්‍ය පහසුකම් සපුරාගෙන ජන්ද විමසීම පැවැත්වීම හා ජන්දය කෙසේ හෝ කල් නොදැමීම යන තීරණ වෙත මෙහිදී එළඹ තිබෙනවා.
අවශ්‍ය අරමුදල් හා පහසුකම් හිමි නොවීමත් , රාජ්‍ය අනුග්‍රහය හා ආරක්ෂව හිමි නොවීමත් මේ සදහා බලපා තිබුණා.

පුවත යවන්න