ඉදිරි පළාත් සභා මැතිවරණයට තරඟ කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අසාධාරණයක් නොවන තීරණයක් ගන්නා බව එම පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.
මේ අතර පක්ෂයේ ජාතික සංවිධායක රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක කියා සිටියේ වර්තමානයේ පක්ෂ දෙකකට බෙදී සිටිය ද සියළු දෙනාගේ ආරම්භය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් නව ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන යෝජනා ඇතුළත් කෙටුම්පත ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අති පූජ්‍ය මකුලෑවේ විමල නාහිමියන් වෙත පිළිගන්වනු ලැබුවා.
ඊට පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ උප සභාපතිවරයෙකු වන අමාත්‍ය මහින්ද අමරවීර එක්ව සිටියා.