ලංකාව එහි පුරවැසියන්ගෙන් බහුතරයකගේ ජීවිතවලට බලපාන්නා වූ පෙර නොවූ විරූ දරුණු ආර්ථික අර්බුධයක් මධ්‍යයේ සිටිනු ලැබේ. මෙය වහා අවධානය යොමු කළ යුතු ප්‍රමුඛතාවයක් වන බැවින් පීඩාවට පත් අපගේ ජනතාව සදහා අන්තර්කාලීන හා දිගුකාලීන වශයෙන් සහන ලබාදීම සඳහා කඩිනම් පියවර ගත යුතුව ඇත. බලයේ සිටින ආණ්ඩුව රට මුහුණපාමින් සිටින ආර්ථික ගැටළුව බැරෑරුම්ව ආමන්ත්‍රණය කළ යුතු බැව් ප්‍රකාශ කරනු ලැබ ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආනයන පාලනයන්, බදු අයකිරීම්, ණය ප්‍රතිව්‍යුහගත කිරීම ආදී පොරොන්දුවලට අදාළව ක්‍රියාමාර්ග ගෙන ඇති බව පෙනී යනු ලැබූව ද ඒවායින් සමහරක් සම්බන්ධ ක්‍රියාවලීන් නිසි ලෙස සැලසුම් නොකළහොත් විනිවිද භාවයෙන් තොරවනු ඇත. ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා කෙටි කාලීන සහ දිගු කාලීන ක්‍රියාමාර්ග ආමන්ත්‍රණය කිරීමට බලය අනිසි ලෙස භාවිත නොකිරීමෙන් සහ වැරදි කළමනාකරණයකින් තොර, දූෂණයෙන් තොර ආණ්ඩුවක් හරහා ජනතා පිළිගැනීමක් ඇති රජයක් තුළින් ස්ථාවරත්වයක් ගොඩනගා ගැනීම මූලික වන්නේය.
පසුගිය මාස කිහිපයේ සිදු වූ සිදුවීම්වලින් පෙන්නුම් කරන්නේ 2019 සහ 2020 ජනාධිපතිවරණයේ සහ පාර්ලිමේන්තු මැතිවරණවල ප්‍රබල ජයග්‍රහණ හරහා සුවිශාල ජනවරමක් ලබා ගත්ත ද ඒ සියල්ල අන්තර්දාන වී ජනතාවගේ විශ්වාසය භුක්ති විඳීමට නොහැකි පාර්ලිමේන්තුවක් සහ විධායකයක් මේ වන විට රටට ඇති බවය. අද වන විට විධායකය සහ පාර්ලිමේන්තුව සමන්විත වන්නේ සැකසහිත ගනුදෙනු සහ සීරු මාරු දැමීමේ විශ්වාසනීය චෝදනා ලබාගෙන ඇති බව කියන නිශ්චිත ව්‍යවස්ථාපිත නියමයන් පාලනය කිරීම සඳහා (ජනතාවගේ කැමැත්තෙන් තොරව) ව්‍යවස්ථාපිත වරමක් මත පමණක් නැවත පැමිණිය හැකි පුද්ගලයන්යන්ගෙන්ය.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර සම්මුතිවාදී සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට ජනතාවගේ හඬ නැඟීම ඉතා පහසුවෙන් නොසලකා හැර තිබේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ වත්මන් වත්මන් ජනාධිපතිවරයාගෙන් එම නොලසකා හැරීම පැහැදිලිව සහතිකය වනු ලැබේ. බලය අනිසි ලෙස භාවිතා කිරීම, තමන් අහෝසි කිරීමට ප්‍රතිඥා දුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA ) වැනි කුරිරු නීති භාවිතා කරමින් නීත්‍යානුකූල අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස හා අනෙක් මූලික අයිතිවාසිකම් සන්නද්ධ බලය හරහා ඒකාධිපති ලෙසින් මර්දනය කරමින් “ආණ්ඩුව” සුපුරුදු පරිදි සිය කටයුතු කරගෙන යනු ලැබේ.
මෑතකදී පත්කරන ලද රාජ්‍ය අමාත්‍යවරුන් තිස්අට දෙනා බොහෝ දුරට සැක සහිත අක්තපත්‍ර ඇති ආර්ථිකයට බරක් වූ පුද්ගලයන් වුවද, ඔවුන් සියලු දෙනාම ආර්ථික දුෂ්කරතා ඇති රටක තම මූලික වැටුප (පමණක්) අත්හරින බවට ප්‍රකාශ කර ඇත. මෙය කිසිසේත් ම පිළිගත නොහැකි දෙයක් වන්නේ ය. අපේක්ෂා කරන ලද්දේ, ඉතා කඩිනමින් හොඳින් අර්ථ දක්වා ඇති අන්තර්කාලීන ආර්ථික පියවර ගත හැකි කිහිප දෙනෙකුගෙන් සමන්විත අන්තර්වාර කැබිනට් මණ්ඩලයක් පිහිටුවීම සහ ඉතා හැකි ඉක්මනින්, මාස 12කට නොඅඩු කාලයක පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම ය.
වත්මන් රජය විසින් ඉදිරිපත් කරන ලද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පවා 20 වැනි සංශෝධනය අහෝසි කර 19 වැනි සංශෝධනය ප්රගතිශීලී වැඩිදියුණු කිරීම් සමඟ ප්‍රතිෂ්ඨාපනය කරන බවට හිටපු ජනාධිපතිවරයා මෙන්ම වත්මන් ජනාධිපතිවරයා ද දුන් පොරොන්දුව ඉක්මවා ගොස් ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ මෑත කාලීන නිශ්චය කිරීම්වලට අනුව 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ මුල් කෙටුම්පතෙන් අපේක්ෂා කළ ආකාරයට වඩා විධායක ජනාධිපතිවරයාගේ බලතල තවදුරටත් ඉහළ නංවා ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් ස්වාධීන වැදගත් ආයතන සහ පාලනයේ ක්‍රියාවලීන් සහතික කිරීමට අදහස් කරන අතර එය ස්වාධීන යැයි සැලකිය නොහැකි අතර එය 19 වැනි සංශෝධනයෙන් සපයා ඇති දෙයට වඩා බොහෝ සෙයින් වෙනස් වනු ලබන්නේය.
සමස්ත සමාජ ව්‍යුහයම කපා හරින පවතින දේශපාලන අස්ථාවරත්වය, ආර්ථික ප්‍රකෘතිය සඳහා වන ඕනෑම ප්රගතිශීලී පියවරක් අඩපණ කරනු ඇති අතර, දැනට පාලනයේ යෙදී සිටින අයගේ කිසියම් වටිනා ක්‍රියාමාර්ගයක් හෝ එසේ කිරීමට ඇති කැමැත්ත ගැන පුරවැසියන්ට සැකයක් මුදාහැර ඇත. සමස්ත රටම තවදුරටත් පිරිහීම වැලැක්වීමට නම් කුඩා තේරීමක් ඇති බව පෙනේ. වසර 74ක ජරාජීර්ණ වූ බෙදුම්වාදී, සූරාකෑමේ සංස්කෘතිය නිශ්චිතවම ජයගෙන රට නිසි ගමනක් යාමට ක්රමයේ වෙනසක් ගෙන ඒමට අවශ්‍ය නම් පාර්ලිමේන්තු මැතිවරණය සහ ජනමත විචාරණයකින් වුව ව්‍යවස්ථා සංශෝධනයක් කිරීම දැනට ඇති එකම විකල්පය බව පෙනී යනු ලැබේ.
වත්මන් ජනාධිපතිවරයා දූෂණයෙන් යටිබිම්ගතව ඇති සියලු පීඩාකාරී ක්‍රියාවලින් සහ ආර්ථික නාස්තියෙන් මිදී ජනතාවගේ කැමැත්තට එකඟව කටයුතු කිරීම සහ ස්වාධීන විශේෂඥයින්ගේ මගපෙන්වීම ඇතිව කඩිනමින් ආමන්ත්‍රණය කිරීමට හැකි අවංකභාවයෙන් යුත් ආර්ථික ගැටලු කඩිනමින් විසඳා ගැනීමේ හැකියාව සහිත සීමිත සම්මුතිවාදී කැබිනට් මණ්ඩලයක් පිහිටුවීම මෙම ප්රමාදී අවධියේදී පවා අපි අනිවාර්ය දෙයක් ලෙස සලකමු. එවැන්නක් මාස 12 කට නොවැඩි නිශ්චිත කාල රාමුවක් සමඟ කඩිනම් මැතිවරණ සහතික කිරීමක් සහ අවශ්‍ය නම් ව්‍යවස්ථා සංශෝධන සඳහා ජනමත විචාරණයක් හරහා හෝ විධායක ජනාධිපති ධුරය අහෝසි කර සුපිරිසිදු පාලනයක්, නීතියේ ආධිපත්‍යය සහ සැමට සමානාත්මතාවය සඳහා ක්‍රම වෙනසක් ඇති කළ යුතුය.