ප්‍රතිශක්තීකරණය අවම අයට ‘ඔමික්‍රොන්’ හැඳුනොත් දරුණු සංකූලතා

ප්‍රතිශක්තිකරණය අවම පුද්ගලයින්ට ‘ඔමික්‍රෝන්’ වෛරස ප්‍රභේදය වැළඳීම තුළින් දරුණු සංකූලතාවන් ඇතිවිය හැකි බව සෞඛ්‍ය අංශ පවසයි.

එබැවින් ජනතාව කඩිනමින් තෙවැනි එන්නත් මාත්‍රාව ලබා ගත යුතු බවයි, සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කරන්නේ.

ඉදිරි අවදානම් අවම කර ගැනීම සදහා මෙය තීරණාත්මක බවයි ඔහු පැවසුවේ.

පුවත යවන්න