දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මේවන විට හදිසි විදුලි බිඳවැටීමක් සිදුව තිබෙනවා.
ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඉන්ධන අර්බුදය හමුවේ විදුලි බලාගාර කිහිපයක ජනන යන්ත්‍ර අක්‍රිය වීම හේතුවෙන් මෙම තත්වය මතුවී ඇති බවයි.
එම තත්වය මත ජාතික විදුලිබල පද්ධතියේ සමතුලිතතාව යම් තරමකට අඩාල වී ඇති බවයි විදුලිබල මණ්ඩල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
කැලණිතිස්ස බලාගාර පරිශ්‍රයේ පිහිටි පෞද්ගලික බලාගාරයේ ඇතිවූ දෝෂය මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බැවින් අද දිනයේ විදුලි කප්පාදුවක් සිදුනොකරන බව විදුලිබල අමාත්‍යාංශය පෙරේදා ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, විදුලි කප්පාදුවක් සිදු නොකරන බව පෙරේදා දිනයේදීද ඔවුන් ප්‍රකාශ කළ නමුත්, ඊයේ රාත්‍රියේ ද ප්‍රදේශ රැසකට විදුලිය බිඳ වැටී තිබුණා.
එහිදී පැයක පමණක කාලයක් විදුලිය ඇණ හිට තිබූ අතර, ඊට හේතු වී තිබුණේ ජාතික පද්ධතියට විදුලිය සැපයෙන කැළණිතිස්ස බලාගාර පරිශ්‍රයේ පිහිටි පෞද්ගලික බලාගාරයක ඇතිවූ දෝෂයක්.
කෙසේ වෙතත්, ඊයේ එලෙස ප්‍රකාශ කළත්, විදුලිබල අමාත්‍යාංශය ඊයේ පෙරවරුවේ පැවසුවේ ඊට පරස්පර අදහසක්.
එම විදුලි කප්පාදුවට හේතුව කලාප වශයෙන් විදුලිය විසන්ධි කිරීම ඊයේ සිට ආරම්භ කිරීම බවයි ඔවුන් එහිදී සඳහන් කළේ.
ඒ අනුව සෑම දිනකම පස්වරු 5.30 සිට රාත්‍රී 9.30 දක්වා කාලය තුළ පැයක කාලයක් කලාප වශයෙන් විදුලි කප්පාදුවක් සිදුකරන බව විදුලිබල අමාත්‍යාංශය ඊයේ පෙරවරුවේ ප්‍රකාශ කළා.
එසේම, විදුලිය කප්පාදු කරන බවට අමාත්‍යාංශය අද උදෑසන ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවද විදුලිබල අමාත්‍ය ගාමීණි ලොකුගේ ප්‍රකාශ කළේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි.(Aruna)