ප්‍රධාන දේශපාලන පක්ෂයකට ළගදීම කුරුණෑගලින් නායකයෙක් ?

මේ වන විට යම් පිරිහීමකට ලක්ව ඇති ප්‍රධාන දේශපාලන පක්ෂයකට නව නායකත්වයක් පත් කිරීමේ සූදානමක් පිළිබද සාකච්ජා සිදුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා.
එම වාර්තා පවසන්නේ පක්ෂය දැනට පවත්වා අර්බුධකාරී තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා තරුණ නායකත්වයක් පත් කිරීමට මේ යටතේ යෝජනා ඉදිරිපත්ව ඇති බවයි.
ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේශපාලනඥයකු මේ සඳහා යෝජනා වී ඇති බවත් ඔහුට ඒ වෙනුවෙන් වැඩි අවස්ථාවක් පවතින බවත් මෙම වාර්තා තුල සදහන්.
2014 වසරෙන් පසු පවා දැවැන්ත බලයක් පැවතියද අදාළ පක්ෂයේ පිරිහීමක් සිදුවූ බවත් මෙම සාකච්ජා තුලදී පැහැදිලිව ප්‍රකාශ වී තිබෙනවා.
කෙසේ වෙතත් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබද කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශයන්ද මෙම නව නායකත්ව සාකච්ජාව ඇරඹීමට මුල්වූ සාධකයක් බවයි එම වාර්තා අනාවරණ කළේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධ අවසන් නිල තීරණයකට මේ දක්වා එළඹ නොමැති අතර පක්ෂයේ නායකත්වයට මේ පිළිබද යෝජනාව මෙතෙක් ඉදිරිපත් කර නොමැති බවද එම වාර්තාවේ වැඩිදුරටත් සදහන්.

පුවත යවන්න