ප්‍රියන්ත කුමාරගේ බිරිඳට සහ දරුවන්ට ආධාර මුදලක්

පාකිස්තානයේදී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාරගේ බිරිඳට සහ දරුවන්ට රුපියල් ලක්ෂ 25ක ආධාර මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවක සුබසාධක අරමුදලෙන් මෙම මුදල පිරිනැමීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ.

විගමණික සේවකයෙකු ලෙස වසර 11ක කාලයක් ඔහු මෙරට ආර්ථිකයට දක්වන ලද දායකත්වය සැලකිල්ලට ගෙන මෙම මුදල ප්‍රදානය කිරීමට තීරණය කර තිබෙනවා.

පුවත යවන්න