පාරිභෝගික අධිකාරියෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිඛෙනවා.

සහල්ල සීනි, කිරිපිටි සහ බඩඉරිඟු ආනයනකරුවන්, නිෂ්පාදකයින්, ගබඩාකරුවන්, රැස්කරන්නන් සහ බෙදාහරින්න් පාරිභෝගික අධිකාරියේ ලියාපංදිචි විය යුතු බව අදාළ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත්කර ඇත.

එම ද්‍රව්‍ය ලියාපදිංචියකින් තොරව ආනයනය කිරීම, නිෂ්පාදනය කිරීම, ගබඩාකිරීම, රැස්කර තබා ගැනිම සහ බෙදාහැරිම තහනම් වන බව එම ගැසට් නිවේදනයේ සඳහන් කර ඇත.

ඒ අනුව එම පුද්ගලයින් සියලුදෙනා එම ගැසට් නිවේදනය නිකුත් කළ දින සිට දින 07ක් ඇතුළත පාරිභෝගික සේවා අධිකාරියේ ලියාපදිංචි විය යුතු වේ

පුවත යවන්න