පාසල් ඇරඹීම ගැන අවසන් තීරණය මැයි 2වනදා

එළඹෙන සතියේ පාසල් පැවැත්වීම සම්බන්ධව ලබන ඉරිදා (2) ස්ථිර තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පපවසනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, කලාප අධ්‍යක්ෂකවරුන් සියලු දෙනා සමග ම දිනපතා සම්බන්ධ වෙමින් තත්ත්වයන් විමසා බලා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ උපදෙස් අනුව අදාළ තීරණ ගන්නා බවයි.

පවතින කොවිඩ් තත්ත්වය හමුවේ ලබන 30 වැනිදා දක්වා රට පුරා සියලු ම පාසල්, පෙර පාසල් ,පිරිවෙන් වසා දැමීමට රජය ඊයේ තීරණය කරනු ලැබුවා.

කෙසේ වෙතත් වසංගත අවදානම වර්ධනයවීම සමග එය තවදුරටත් කල්යාමේ හැකියාව පවතින බවයි අදාළ වාර්තා පවසන්නේ.

පුවත යවන්න