ඇෆ්ගනිස්ථානයේ හිටපු ජනපති අෂ්රෆ් ඝානීගේ පලායාම සම්බන්ධයෙන් කාබුල් හී පිහිටි රුසියානු තානාපති කාර්යාලය තොරතුරු රැසක් හෙළිකර තිබෙනවා.
ඒ අනුව බලය අහිමිවීමට ආසන්න වූ ඇෆ්ගන් ජනාධිපතිවරයා රට හැර ගොස් ඇත්තේ නවීනතම මෝටර් රථ 4ක් හා විදේශ මුදල් පිරවූ හෙළිකොප්ටරයක් ද සහිත ව බවයි රුසියාව පවසන්නේ.
මේ පිළිබද අදහස් දක්වමින් රුසියානු තානාපති කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර ඇත්තේ එම හෙලිකොප්ටර් යානයට තවත් මුදල් පැටවීමට තැත් කර තිබුණ ද යානයේ ඉඩ කඩ මදවීම හේතුවෙන් එම වෑයම නිෂ්පලවී ඇති බවයි.
තලේබාන් සංවිධානය විසින් රට අත්පත් කර ගැනීමට ආක්‍රමණ ක්‍රියාත්මක කරන අවස්ථාවේ දී ඇෆ්ගන් ජනපතිවරයා අවශ්‍ය පියවර නොගත් බවටද චෝදනා එල්ලවී තිබෙනවා.
ලක්ෂ 3ක ඇෆ්ගන් හමුදාව ලක්ෂයකටත් අඩු තලේබාන්වරුන්ට දින කිහිපයක් තුලදී පරාජය වීමට මෙම දුර්වල නායකත්වය ද බලපා ඇති බවයි චෝදනා එල්ල වන්නේ.