නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් අනිවාර්යයෙන් විදුලි ගාස්තු ඉහළ දැමිය යුතු බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසනවා.
ඔහු කියා සිටියේ දෙසැම්බර් 3 වනදා නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ සිදුවූ හදිසි බිඳ වැටීම කඩාකප්පල්කාරී ක්රියාවක් බවට සැක කරන බවයි.
ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබා නොදුන් විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්ට එරෙහිව අධිකරණ ක්රියාමාර්ග ගැනීමට තීරණය කල බවද සභාපතිවරයා සඳහන් කළා.