පිළියන්දල සෞඛ්‍ය නිලධාරී බලප්‍රදේශයේ ගොරකපිටිය, නාම්පමුණුව, පැලැන්වත්ත බටහිර, සහ ඇරැව්වල උතුර ග්‍රාම නිලධාරී වසම්වල කොරෝනා ආසාදිතයින් වාර්තාවීම ඉහළ ගොස් තිබෙනවා.
මේ අතරින් පිළියන්දල සෞඛ්‍ය නිලධාරී බලප්‍රදේශයේ පසුගියදා සිදුකළ පි සී ආර් පරීක්ෂණ 610ක් අතුරින් රෝගීන් 122ක් හඳුනාගැනුණු අතර ඔවුන් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව පිළීයන්දල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා සදහන් කළා.
ඔහු පැවසුවේ එකම පවුල්වල සාමාජිකයින් තුළ වෛරසය පැතිරීම වර්ධනයවී ඇති බවයි.
පවත්නා තත්ත්වය තුල පවුල් 450ක පිරිස් මේ වන විට නිරෝධායනයට යොමුකර තිබෙනවා.