පිළියන්දල පොලිස් බල ප්‍රදේශය වහාම ක්‍රියාත්මකවන පරිදි හුදකලා(Lockdown) කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
මීට අමතරව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඕර්ස්හිල් සහ අන්පුවාලිපුරම් ග්‍රාම සේවා වසම් 02ක හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබුණා.
පානදුර දකුණ ප්‍රදේශයේ වලාන උතුර, වෑකඩ උතුර, කිරිබේරිය සහ මාලමුල්ල නැගෙනහිර ග්‍රාම සේවා වසම් ද හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.
ඊට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ නීලදණ්ඩාහින්න ග්‍රාම සේවා වසම ද හුදකලා කර තිබෙනවා.