මහරගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා පන්නිපිටියේදී අනතුරට ලක් කළ ලොරි රථයේ රියැදුරුට මාර්ගයේදී පහරදුන් පොලිස් කොස්තාපල්වරයා සමබන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
පොලිස් කොස්තාපල්වරයා රියැදුරැට පහර දෙන අයුරු වීඩියෝවක් සමාජ මාධ්‍යවල ප්‍රචාරය වීමත් සමග මෙම පරික්ෂණය ආරම්භ කර තිබුණා.
රියැදුරු අත වරදක් තිබුණ ද මහපාරේදි මේ අයුරින් පහරදීම කිසිසේත්ම අනුමත නොකරන බවයි අජිත් රෝහණ මහතා සදහන් කළේ.
අදාළ අනතුරින් තුවාල ලැබූ මහරගම පොලිසියේ රථවාහන අංශයේ සථානාධිපතිවරයා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබනවා.
මෙම පොලිස් නිලධාරියා අදාළ පුද්ගලයාට පහර දී බිම ඇද වැටුණු පසු යළිත් පහර දෙන ආකාරයයි අදාළ වීඩියෝවේ සටහන්ව ඇත්තේ.