මේ වසර අවසන් වනවිට මෙරට විදුලිය ලබාදීමේ වැඩ පිළිවෙල සියයට සියයකින් අවසන් කිරීමට බලාපෙරොත්තුවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
කෙරවළපිටියේ ඉදිවන ලංකාවේ පළමු ස්වභාවික ද්‍රව වායු (LNG) විදුලි බලාගාරය සඳහා අද (05) මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවා.
අප රට භාරගෙන ටික දවසක් යන්න කළින් “කොරෝනා වසංගතයට” මූණ දෙන්න වුණා. බලවත් රටවල්වලට වඩා හොඳින් අපි එය කළමනාකරණය කළා. ඉන් නොනැවතී අප ඉදිරියේ පවතින සියලු අභියෝගවලට ද වගකීමෙන් යුතුව මුහුණ දෙනවා.”
“රටත් ජනතාවත් වෙනුවෙන් අප නැවතත් සංවර්ධනයේ යෝධ පිම්ම ආරම්භ කරල ඉවරයි. ලෝකෙම අද තීන්දු ගන්නේ බලශක්තියට ප්‍රමුඛතාවය දීලා. ඒ තරමට අපේ ජීවිතවලට බලශක්තිය වැදගත්.”
“බලශක්ති ක්ෂේත්රයේ සිදුවිය හැකි අර්බුද ගොඩක් කලින් දැක්ක නිසයි ජලවිදුලිය ගැන පමණක් විශ්වාස නොතබා ගල්අඟුරු බලාගාරය නොරොච්චෝලේ අපි ඉදිකළේ. ඒකට විවිධ කතා කිව්වත්, කටකතා හැදුවත් පසුගිය කාලයේ ඇති වූ මහා නියඟයන් ජයගන්න ඒක මහා පිටු බලයක් වුණා.”
“අපි එතනින් නැවතුණේ නෑ. සුළං බලාගාර, තාප බලාගාර සහ පසුගියදා විවෘත කළ ඝණ අපද්‍රව්‍ය බලාගාරය වගේම සූර්ය ශක්තිය මගින්ද දේශය බලගන්වන වැඩ පිළිවෙල දියත්කළා. ජනතාවට අඩු වියදමින් විදුලිය ලබා දීමටයි අපි මේ හැමදේම කරන්නේ.”
“ලෝකයේ පවතින ඉහළම තාක්ෂණය යොදාගෙන අද සිට ඉදිවන්නේ මෙගාවොට් 350ක ස්වභාවික ද්‍රව වායු (LNG) විදුලි බලාගාරයයි. මේක මේ රටේ බලශක්ති නිෂ්පාදනයේ යෝධ පිම්මක්.”
“අපි හැමවිටම ලංකාවේ බලශක්ති නිපදවීම් සඳහා නව ක්‍රමවලට ගියා. ප්‍රථම ගල් අඟුරු බලාගාරය, ප්‍රථම තාප බලාගාරය, ප්‍රථම සුළං බලාගාරය, ඒ විතරක් නෙවෙයි පසුගියදා අපි විවෘත කළේ ප්‍රථම ඝණ අපද්‍රව්‍ය බලාගාරයයි.”
“මේ වනවිට අපි අපේ විදුලිබල පද්ධතිය පෝෂණය කරමින් සිටිනවා. අද මේ බලාගාරය අරඹන්නෙත් ලංකාවේ ප්‍රථම ද්‍රව වායු (LNG) බලාගාරය ලෙසයි. අපි ප්‍රථමයා වුණේ වැඩවලින් මිස කථාවෙන් නොවෙයි. අපේ රජයන් පුරුදු වෙලා ඉන්නේ වැඩ කරන්නයි. ජනතාව අපෙන් ඒක බලාපොරොත්තු වෙනවා. ඒකයි අපිට බලය දෙන්නේ.”
“නිදහස් අධ්‍යාපනයෙන් පෝෂණය වූ අතිදක්ෂ දේශීය ඉංජිනේරුවන් ගැන විශ්වාසය තියල ඔවුන්ට සම්පූර්ණ වගකීම පැවරුවොත් එය ඉටු කරන්න පුළුවන්. දෙවන අදියර වසරකින් අවසන් කරනවා. දෙවන අදියර මගින් මෙගා වොට් 130ක් නිපදවීමට අපේක්ෂා කරනවා. ඉදිරි වසර 4 තුළ මෙරට බලශක්ති අවශ්‍යතාවය සම්පූර්ණයෙන් සපයන්න අපි කටයුතු කරනවා.”
“අද කෙරවලපිටියේ ඉදිකිරීම් අරඹන පරිසර හිතකාමී ස්වභාවික ද්‍රව වායු (LNG) විදුලි බලාගාරය මෙරට විදුලි ඉල්ලුමෙන් 13%ක් සම්පූර්ණ කරනවා. මේක තමයි රටක දියුණුව කියන්නේ. අපි සංවර්ධනයේදී ජාතික ප්රමුඛ අවශ්‍යතා හඳුනාගත යුතුයි.”
“එහෙම නැතුව එක එක්කෙනාගේ පෞද්ගලික අවශ්‍යතා මත ජාතික වැඩපිළිවලක් ගොඩනගන්න බෑ. අපි රට බාරගෙන කෙටි කාලයකින් විදුලි බලාගාර 03ක් ජාතියට දායාද කරල ඉවරයි. වැඩ ආරම්භ කරල අතරමග නවතා දමපු, කිසිවක් දේශපාලන පටු පරමාර්ථයෙන් නවත්වන්නේ නෑ. ඒ සියල්ල ඊටත් වඩා හොඳින් කඩිනමින් අවසන් කිරීම අපේ දැක්ම වෙලා තියෙන්නේ.”
“විදුලිබිල අඩු කරමින් ජනතා සහනය ලබාදීමට මේ මගින් හැකි වෙනවා. වේගවත් සංවර්ධනයේ නියමුවා බලශක්තිය බව ලෝකය ඉදිරියේ අද ඔප්පු කරල හමාරයි. අඛණ්ඩ විදුලි සැපයුම රජයක වගකීමක් ලෙස මම දකිනවා.”